E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0341/ 2025 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 341/2024

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඩා වැව් 478ක් පමණ තිබෙන බවත්;

                    (ii)       එම වැව් අතරින්, වැව් 200කට වඩා අඩු සංඛ්‍යාවක් පමණක් නඩත්තු කරන  අතර ඉතිරි වැව් නිසි පරිදි නඩත්තු නොකරන බවත්;

      (iii) එම වැව් ප්‍රතිසංස්කරණය කර නඩත්තු කරන්නේ නම්, ප්‍ර‍දේශයේ ගොවීන් සවිබල ගැන්විය හැකි බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) එසේ නම්, ඉහත සඳහන් නඩත්තු නොකරන වැව්, නිසි පරිදි නඩත්තු කිරීම සඳහා පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks