E   |     |  

 දිනය: 2025-04-08   පිළිතුර ලබා දී ඇත 

0383/ 2025 - ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 383/2025

      ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒ අතරින් ලාභ ලබන ඩිපෝ සහ අලාභ ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;

                 (iii)      අලාභ ලබන ඩිපෝ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (iv) මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;

      (v) එම බස්රථ අතරින් මේ වනවිට ධාවනයේ යෙදෙන බස්රථ සංඛ්‍යාව සහ ධාවනයෙන් ඉවත් කර ඇති බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (vi) බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;

      (vii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (ii) මේ වනවිට ධාවනයේ යෙදෙන සහ ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) දුම්රිය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු කවරේද;

      (iv) මේ වනවිට ධාවනයේ යෙදෙන නව දුම්රිය සංඛ්‍යාව කොපමණද;

      (v) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (vi) එම දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයන් සංඛ්‍යාව සහ ස්ථීර සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-04-08

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks