E   |     |  

 දිනය: 2025-03-01   පිළිතුර ලබා දී ඇත 

0385/ 2025 - ගරු වරුණ ලියනගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 385/2025

      ගරු වරුණ ලියනගේ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක උග්‍ර පානීය ජල හිඟයක්  පවතින බවත්;‍

                   (ii)      ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී ඇති බවත්;

      (iii) නිසි ජල සම්පාදන ක්‍රමවේදයන් නොමැති වීමෙන් පානීය ජල හිඟය උග්‍රවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම ජල හිඟයට  විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද “විසල් රත්නපුර ජල ව්‍යාපෘතියේ” 2 වන අදියරට අදාළ වැඩ කටයුතු අවසන් කර ඇති ප්‍රමාණය කොපමණද;

       

      (ii) දෙවන අදියර නිම කිරීමෙන් පසු එමඟින් ආවරණය නොවන ප්‍රදේශවලට ජල පහසුකම් සැපයීම සඳහා නව ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

      (iii) රත්නපුර දිස්ත‍්‍රික්කයේ මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රජා ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

      (iv) නව ප්‍රජා ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-01

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks