පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
417/2025
ගරු අරුණ පනාගොඩ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හෝමාගම, මත්තේගොඩ නිවාස සංකීර්ණයේ මලාපවහන පල්දෝරු පද්ධතිය වර්ෂ ගණනාවක සිට අකර්මණ්‍ය වී ඇති බවත්;
(ii) එම පල්දෝරු පද්ධතිය වටා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වනවිට වැටක් ඉදිකරමින් සිටින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් වැට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල කොපමණද;
(ii) එහි ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය හා ඉදිකිරීම් අවසන් කළ යුතු දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඒ සඳහා තෝරා ගෙන ඇති කොන්ත්‍රාත් ආයතනය කවරේද;
(iv) එම කොන්ත්‍රාත් ආයතනය තෝරා ගැනීමේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;
(v) එම වැට ඉදිකිරීම හේතුවෙන් ජනතාව විසින් වර්ෂ 40ක පමණ කාලයක සිට භාවිතා කරනු ලබන මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දන්නේද;
(vi) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-21
අසන ලද්දේ
ගරු අරුණ පනාගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks