E   |     |  

 දිනය: 2025-02-20   පිළිතුර ලබා දී ඇත 

0424/ 2025 - ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 424/2025

      ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත වවුනියාව නගරයට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය, වර්ෂ 2010-2011 කාලයේදී ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා කුඹුරු, ගොඩ ඉඩම්, නිවාස සහ ආගමික ස්ථාන අත්පත් කර ගන්නා ලද බවත්;

      (ii) ගොවීන් සහ ඉඩම් හිමිකරුවන්ට අගතියක් නොවන අයුරින් මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන, ප්‍රාදේශීය ලේකම් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් 2013.11.05 වැනි දින අත්සන් කළ බවත්;

      (iii) අත්පත් කර ගන්නා ලද ඉඩම් වෙනුවට ලබා දුන් විකල්ප ඉඩම්වලට මේ දක්වා බලපත්‍ර, විධිමත් වාරි පහසුකම් සහ ප්‍රවේශ මාර්ග සැකසීම සහ ප්‍රතිසංස්කරණය කිරීම කර නොමැති බවත්;

      (iv) අගතියට පත් ගොවි පවුල්වල සාමාජිකයන්ට ප්‍රමුඛතා පදනම මත ඉහත ජල ව්‍යාපෘතිය යටතේ මේ දක්වා රැකියා ලබාදී නොමැති බවත්;‍

      (v) අමුණුවලින් පිටවන අමතර ජලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වලට ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, ඉහත ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-02-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks