පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
428/2025
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර් සහ කින්නියා රෝහල්වලට ‘ඒ’ ශ්‍රේණිය තත්ත්වය ලබා දී ඇති බවත්;
(ii) එහෙත්, ‘ඒ’ ශ්‍රේණියට සරිලන පරිදි එම රෝහල් සඳහා භෞතික සම්පත් මේ වනතෙක් ලබා දී නොමැති බවත්;
(iii) එම රෝහල්වලට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම රෝහල්වලට අවශ්‍ය භෞතික සම්පත් ලබා දීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(ii) එම එක් එක් රෝහලේ මේ වනවිට සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම රෝහල්වල කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) කින්නියා සහ මූතූර් රෝහල් මධ්‍යම රජය යටතට පවරා නොගැනීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-08
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks