E   |     |  

 දිනය: 2025-02-22   පිළිතුර ලබා දී ඇත 

0433/ 2025 - ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 433/2025

      ගරු දිනිඳු සමන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       බදුල්ල, මීගහකිවුල නව නගරය ඉදිකිරීමට සමගාමීව මීගහකිවුල බස් නැවතුම්පළ ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

                   (ii)       මේ දක්වා එම බස් නැවතුම්පළ භාවිතයට ගෙන නොමැති බව දන්නේද;

      (iii) එසේ නම්, ඊට හේතු කවරේද;

      (iv) ඉහත බස් නැවතුම්පළ ජනතාවගේ භාවිතය සඳහා ලබාදීමට ‍ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (v) එම බස් නැවතුම්පළ සඳහා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) ඉහත බස් නැවතුම්පළ ප්‍රයෝජනවත් නොවන ඉදිකිරීමක් බව පිළිගන්නේද;

      (ii) එසේ නම්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

        (iii) ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීම පිණිස පළාත් පාලන ආයතනවලට කරනු ලබන මගපෙන්වීම් කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-02-22

අසන ලද්දේ

ගරු දිනිඳු සමන් හෙන්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks