පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
452/2025
ගරු ටී. කේ. ජයසුන්දර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවිතවලට හා දේපලවලට විශාල බලපෑමක් ඇති කරන බව පිළිගන්නේද;
(ii) 2000 වර්ෂයෙන් පසු ගිං ගඟේ පිටාර ගැලීම පාලනය කිරීම සඳහා හෝ වෙනත් අරමුණක් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් වාර්තා සකස් කර තිබේද;
(iii) එසේ නම්, එම වාර්තා කවරේද;
(iv) එම වාර්තා සකස් කරන ලද ආයතන කවරේද;
(v) එම ව්‍යාපෘති වාර්තා/ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(vi) ඒ සඳහා ප්‍රතිපාදන ලබා ගත් ප්‍රභවයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ගිං ගඟේ පිටාර ගැලීම පාලනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේද;
(ii) එසේ නම්, එම එක් එක් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද වර්ෂය, අවසන් කරන ලද වර්ෂය, වෙන් කරන ලද මුදල, වියදම් කරන ලද මුදල, ක්‍රියාත්මක කරන ලද ආයතනය සහ ලැබී ඇති විසඳුම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-01
අසන ලද්දේ
ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks