E   |     |  

 දිනය: 2025-02-24   පිළිතුර ලබා දී ඇත 

0453/ 2025 - ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 453/2025

      ගරු අම්බිකා සාමිවෙල් මෙනෙවිය,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)       (i)      විවිධ ස්වාභාවික සහ සමාජ ගැටලු හේතුවෙන් කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වී සිටින බව දන්නේද;

                (ii)      එම ජනතාවගෙන් නිවාස අහිමි පුද්ගලයන් සහ පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඔවුන් තාවකාලික නිවාසවල පදිංචි වී සිටින කාලය කොපමණද;

      (iv) එම ජනතාවට නිවාස ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-02-24

අසන ලද්දේ

ගරු අම්බිකා සාමිවෙල් මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වතුකර‍යේ නිවාස නොමැති පවුල්: නිවාස ලබා දීම

පිළිතුරු දුන් දිනය

2025-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks