E   |     |  

 දිනය: 2025-03-11   පිළිතුර ලබා දී ඇත 

0482/ 2025 - ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 482/2025

      ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ අරාබි විදුහල් ලියාපදිංචි කර නඩත්තු කරන බවත්;

                   (ii)       මවුලවි සහතිකය ලබා දීම සඳහා එම එක් එක් අරාබි විදුහල් වෙන වෙනම විභාග පවත්වන බවත්;

      එතුමා දන්නෙහිද?

      ‍(ආ) මවුලවි සහතිකය ලබා දීම සඳහා රජය විසින් පොදු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-11

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks