පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
485/2025
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දොන් සයිමන් විජේවික්‍රම සමරකෝන් මහතාට අයත් අක්කර 76ක පමණ විශාලත්වයකින් යුතු කහපොල, ‘රෙජිඩේල්වත්ත’ නමැති ඉඩම මහා භාරකාරවරයා යටතේ තිබූ බවත්;
(ii) එම ඉඩමේ කොටසක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකර, 2017.05.11 වන දින එවකට අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් හා එවකට ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද බවත්;
(iii) “සකල ලෝකවාසී බෞද්ධ ජනයා වෙත අසමසම තිළිණයක්” ලෙස ඊට අදාළ ඵලකයේ සඳහන් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ඉදිකිරීම සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;
(ii) එම ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-04
අසන ලද්දේ
ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks