E   |     |  

 දිනය: 2013-02-21   පිළිතුර ලබා දී ඇත 

2683/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2683/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනය අවසන්වරට ක්‍රියාත්මක වූ දිනය කවරේද;

                  (ii)       සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනයේ මේ දක්වා වූ ගිණුම් කවරේද; 

        (iii)  ආයතනයේ වත්මන් තත්ත්වය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ)  (i)  සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනයට අයත්ව තිබූ පර්චස් 212ක් විකිණීමට හේතුව කවරේද;

        (ii)  ඉහත කී ඉඩම විකුණනු ලැබුවේ කව‍ර පුද්ගලයකුටද;

        (iii)  ඉහත කී ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර සිදුකරනු ලැබුවේද;

        (iv)  නොඑසේ නම්, ටෙන්ඩර් පටිපාටීන් අනුගමනය නොකිරීමට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ)  (i)  කාර්ය මණ්ඩලයට වන්දි ගෙවා තිබේද;

        (ii)  එසේ නම්, එක් එක් පුද්ගලයාට ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද; 

        (iii)  ඔවුන්ට වන්දි ගෙවීම සිදු කරන ලද දිනය කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-02-21

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සීමාසහිත බී. සී. සී. ලංකා ආයතනය : වත්මන් තත්ත්වය

පිළිතුරු දුන් දිනය

2013-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks