E   |     |  

 දිනය: 2025-03-04   පිළිතුර ලබා දී ඇත 

0489/ 2025 - ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 489/2025

      ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය,—  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2024 වර්ෂයේදී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

                   (ii)       මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මැණික් පතල් කැණීම හා ගැරීම සඳහා  නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

      ‍(iii) එම බලපත්‍ර, මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව නිකුත් කරන්නේද;

      (iv) පතල් කැණීමේ පවතින අවිධිමත්භාවය හේතුවෙන් සිදු වන පරිසර හානිය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-03-04

අසන ලද්දේ

ගරු එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks