E   |     |  

 දිනය: 2025-03-05   පිළිතුර ලබා දී ඇත 

0490/ 2025 - ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 490/2025

      ගරු සුනිල් රත්නසිරි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)      “පොළොන්නරුව සිටි සෙන්ටර්”හි ඇති මුළු කඩකාමර සංඛ්‍යාව කොපමණද;

                  (ii)      ඒ අතරින් මේ වනවිට බදු දී ඇති කඩකාමර සංඛ්‍යාව කොපමණද;

                 ‍(iii)      “පොළොන්නරුව සිටි සෙන්ටර්” ගොඩනැගිල්ල බදු දීම සහ එහි ඇති කඩකාමර බෙදා දීම සම්බන්ධයෙන් 2019 වර්ෂයේදී ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ කවරේද;

      (iv) මේ වනවිට එම තීරණ ක්‍රියාත්මක වන්නේද;

      (v) ඉහත කඩකාමර බදු දීමෙන් පොළොන්නරුව මහා නගර සභාවට අලාභයක් සිදු වී තිබේ නම්, එම අලාභය අදාළ පාර්ශ්වයන්ගෙන් අය කර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-05

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks