E   |     |  

 දිනය: 2025-03-07   පිළිතුර ලබා දී ඇත 

0492/ 2025 - ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 492/2025

      ගරු දේවානන්ද සුරවීර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාව සහ ලියාපදිංචි ඖෂධවේදීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත අනුව ලියාපදිංචි ඖෂධශාලා, ලියාපදිංචි ඖෂධවේදියකුගේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යායුතු වන්නේද;

      (iii) ලියාපදිංචි ඖෂධශාලා සංඛ්‍යාවට සාපේක්ෂව ලියාපදිංචි ඖෂධවේදීන්ගේ හිඟයක් පවතින බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, එම හිඟය මඟ හරවා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටීම සඳහා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් රසායන විද්‍යාව සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබිය යුතු බව දන්නේද;

      (ii) අවසන්වරට පවත්වන ලද බාහිර ඖෂධවේදී විභාගයට පෙනී සිටි 1,700ක් පමණ වන අයදුම්කරුවන් අතරින් අයදුම්කරුවන් 99ක් පමණක් සමත් වී ඇති අතර එම සංඛ්‍යාව විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් 6%ක් වැනි අඩු ප්‍රතිශතයක් බව පිළිගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-07

අසන ලද්දේ

ගරු දේවානන්ද සුරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks