පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
493/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය හදාරා අවසන් කර ඇති සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට දේශීය ආයුර්වේද රෝහල්වල ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මින්නේරිය ආයුර්වේද රෝහලේ භෞත චිකිත්සක ඒකකයක් පවතින බව දන්නේද;
(ii) එම ඒකකය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරනු ලැබුවේ කවුරුන්ද;
(iii) එම කොන්ත්‍රාත්තුවේ වංචාවක් සිදු වී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවේද;
(v) එම විමර්ශනයේ වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-17
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks