පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
495/2025
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මිහින්තලේ, ගොවිජන සේවා බලප්‍රදේශයේ, සීමාසහිත ජනතා ලංකා මිරිස් අලෙවි සමාගම පිහිටුවා තිබෙන බව දන්නේද;
(ii) 2001 වර්ෂයේදී මිහින්තලේ ගොවිජන සේවා බැංකුව මඟින් එම සමාගමට රු. 1,275,000/-ක ණය මුදලක් ලබා දී තිබේද;
(iii) එසේ නම්, එම ණය මුදල ලබා දීමේ පදනම කවරේද;
(iv) එම ණය මුදල නැවත අයකර ගන්නේද;
(v) එසේ නම්, අයකර ගැනීමේ පදනම කවරේද;
(vi) එම ණය මුදල සඳහා අයකර ගතයුතු රු. 1,975,233/-ක පොළී මුදල අයකර නොගැනීමට තීරණය කර තිබේද;
(vii) එසේ නම්, ඒ සඳහා හේතු වූ කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-18
අසන ලද්දේ
ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks