E   |     |  

 දිනය: 2025-03-18   පිළිතුර ලබා දී ඇත 

0502/ 2025 - ගරු නන්ද බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 502/2025

      ගරු නන්ද බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)        (i)       ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවයක් පවතින බව පිළිගන්නේද;

                  (ii)       එය විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

                  (iii)       ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උසස්වීම් සඳහා මොඩියුල අවශ්‍යතා සපුරාගත  යුතු බව දන්නේද;

      (iv) මොඩියුල අවශ්‍යතා සම්පුර්ණ කරගත නොහැකි වීම හේතුවෙන් උසස්වීම් අහිමි වීම, වැටුප් වර්ධක නොලැබීම හා සේවය ස්ථිර කිරීම ප්‍රමාද වීම ආදී ගැටලු පැන නැඟී ඇති බව දන්නේද;

      (v) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

      (vi) ඒවා විසඳන දින වකවානු කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සේවා ව්‍යවස්ථානුකූලව සීමිත හා විවෘත බඳවා ගැනීම් කාල රාමු දෙකකදී සිදු කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති බව දන්නේද;

      (ii) එම ගැටලු විසඳීමට බාධාවන් තිබේද;

      (iii) එම ගැටලු විසඳීම සඳහා ඇති වැඩපිළිවෙළ කවරේද;

      යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (‍ඇ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් ස්ථානගත කිරීම විධිමත් කර තිබේද;

      (ii) නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙළ කවරේද;

      යන්න තවදුරටත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-18

අසන ලද්දේ

ගරු නන්ද බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks