E   |     |  

 දිනය: 2025-03-19   පිළිතුර ලබා දී ඇත 

0506/ 2025 - ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 506/2025

      ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සෞම්‍යමූර්ති තොණ්ඩමාන් අනුස්මරණ පදනම පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත කරන ලද ආයතනයක්ද;

                  (ii)       එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

      ‍(iii) එම පදනම සතු වත්කම් කවරේද;

      (iv) වර්ෂ 2020 සිට 2024 දක්වා එම පදනමට අයවැය මඟින් වෙන් කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) ඉහත සඳහන් කාල සීමාව තුළදී එම පදනම විගණනයට ලක් කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-19

අසන ලද්දේ

ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks