E   |     |  

 දිනය: 2025-03-17   පිළිතුර ලබා දී ඇත 

0510/ 2025 - ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 510/2025

       

      ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වන්නේද;

                    (ii)       සණස සංවර්ධන බැංකුව මඟින් විශ්‍රාමික හමුදා නිලධාරින්ට “උත්තමාචාර” නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබේද;

      (iii) ඒ යටතේ මේ වනවිට ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;

      (iv) වර්ෂ 2020 සිට 2024 දක්වා ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;

      (v) ණය ලබාදීමේදී සැලකිල්ලට ගනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රතිශතය කොපමණද;

      (vi) ණය ආපසු ගෙවීමේ අවම හා උපරිම කාල සීමාව කොපමණද;

      ‍යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) කොවිඩ්-19 වසංගත කාලයේදී ණය අය කර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමෙන් ණය මුදලට වඩා වැඩි මුදලක් පොළිය ලෙස ‍ගෙවීමට සිදු වී ඇති බව දන්නේද;

      (ii) එම දීර්ඝ කිරීම, බැංකුවේ අභිමතය පරිදි සිදු කර ඇති බව දන්නේද;

       (iii) බැංකුවේ අභිමතය පරිදි එවැනි දීර්ඝ කිරීමක් සිදු කළ හැකිද;

      (iv) ඒ මඟින් අගතියට පත් වී ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන්නේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-17

අසන ලද්දේ

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks