E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0717/ 2025 - ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 717/2025

      ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ස්වාභාවික දොළ මාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

                   (ii)       ස්වාභාවික දොළ මාර්ග ආශ්‍රිතව පැවතිය යුතු දොළ රක්ෂිතයට අදාළ භූමි ප්‍රමාණය කොපමණද;

                 (iii)       දොළ රක්ෂිත බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේද;

      (iv) එසේ නම්, ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) දොළ රක්ෂිත සින්නක්කර ඉඩම් ලෙස ලබාදී ඇති බව දන්නේද;

      (ii) එලෙස ලබාදී ඇති කළුතර දිස්ත්‍රික්කයේ දොළ රක්ෂිත භූමි ප්‍රමාණය කොපමණද;

      (iii) එම දොළ රක්ෂිත භූමි නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks