පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
824/2025
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2022 වර්ෂයේ සිට 2024 දක්වා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද බොර තෙල් ප්‍රමාණය සහ පිරිපහදු කරන ලද තෙල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම තෙල් ආනයනය කිරීමේදී ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iv) එම කාලසීමාව තුළදී හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගෙන ඇති, බොර තෙල් ප්‍රමාණය සහ පිරිපහදු කරන ලද තෙල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) හදිසි මිලදී ගැනීම් හා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හරහා කරනු ලබන මිලදී ගැනීම් අතර පවතින මූල්‍යමය වෙනස කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks