E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0901/ 2025 - ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 901/2025

      ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ඒවායේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටින්නේද;

                  (iii)       ඒවාට අවශ්‍ය ඉංජිනේරුවන් සංඛ්‍යාව කොපමණද;

      (iv) එම සංඛ්‍යාව සිටින්නේද;

      (v) නොඑසේ නම්,  ඉංජිනේරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

      (vi) නව ඉංජිනේරුවන් බඳවා ගන්නේද;

        (vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) විදුලිය උත්පාදනය කරන ප්‍රභවයන් කවරේද;

      (ii) එම එක් එක් ප්‍රභවයෙන් මේ වනවිට උත්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්නේද;

      (iv) එසේ නම්, එහි සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මණ්ඩලය යටතේ පවතින සමාගම්වල මේ වනවිට‍ ආරම්භ කර ඇති උපාය මාර්ගික වැඩසටහන්/ව්‍යාපෘති කවරේද;

      (ii) ඉහත එක් එක් සමාගමේ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම සමාගම්වල අතිරික්ත සේවකයන් සිටින්නේද;

       (iv) එසේ නම්, අතිරික්ත සේවකයන් සංඛ්‍යාව එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) ලංකා විදුලිබල සමාගම මඟින් ආවරණය කරන ප්‍රදේශ කවරේද;

      යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-12

අසන ලද්දේ

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks