පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
902/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ සත්ත්ව සංගණනය සිදු කරන ලද දිනය කවරේද;
(ii) එම සංගණනය සඳහා වියදම් කරන ලද මුදල කොපමණද;
(iii) එම සත්ත්ව සංගණනය කිරීමේ අරමුණු කවරේද;
(iv) එම අරමුණු ඉටු කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(v) මේ වනවිට එම සංගණනයට අදාළ ප්‍රගතිය කවරේද;
(vi) එම සංගණනය අනුව රිලවුන්, වඳුරන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සත්ත්ව සංගණනය සිදු කරන ලද ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;
(ii) සත්ත්ව සංගණනය සිදු නොකරන ලද ග්‍රාම නිලධාරි වසම් කවරේද;
(iii) එම ග්‍රාම නිලධාරි වසම්වල සත්ත්ව සංගණනය සිදු නොකිරීමට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks