E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

0983/ 2025 - ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 983/2025

      ගරු චාමර සම්පත් දසනායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය,  ප්‍රාදේශීය කාර්යාල ඇතුළු සියලුම කාර්යාලවල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (ii) මණ්ඩලයේ සේවය කරනු ලබන සේවකයන්ගේ වැටුප් සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් නොපිරිහෙලා ලබා දිය යුතු බව පිළිගන්නේද;

      (iii) වැටුප් කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් මණ්ඩලයේ සේවකයන් පසුගිය දිනවල උද්ඝෝෂණයක නිරතවූ බව දන්නේද;

       (iv) එසේ නම්, එම වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks