පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1071/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘රටලංකාව’ නමැති ඉඩමේ විශාලත්වය කොපමණද;
(ii) එම ඉඩමෙන් එක් එක් ආයතනය වෙත බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත ඉඩමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත වෙන් කර ඇති ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ඉඩමේ ඉඩම් කැබලි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන්ට ලබා දීම සඳහා නිසි අනුමැතියක් තිබේද;
(ii) එසේ නම්, එම අනුමැතියට අදාළ ලිපියේ පිටපතක් සභාගත කරන්නේද;
(iii) නොඑසේ නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වෙනත් ඉඩමකට ලබා ගත් අනුමැතිය භාවිතා කර, වංචනික හා අනීතික ආකාරයෙන් ඉහත ඉඩමේ කොටස් බෙදා දීමට කටයුතු කර තිබේද;
(iv) ඉහත ඉඩමේ කාලයක සිට අනවසරයෙන් පදිංචිවී සිටින පවුල් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-23
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks