පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1105/2025
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) ස්ථිර අධ්‍යක්ෂකවරුන් 39 දෙනෙකු පත් කිරීම සඳහා වර්තමාන රජය විසින් අදියරෙන් අදියර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත්;
(ii) එම සම්මුඛ පරීක්ෂණවලදී පළාත් අධ්‍යක්ෂකවරුන් 05ක් සහ අධ්‍යක්ෂකවරුන් 34 දෙනෙක් තෝරා ගෙන අධිකාරියේ සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමතිය සඳහා යොමු කර ඇති බවත්;
(iii) මාස හයක් පමණ ගතවී තිබුණද, මේ වනතෙක් එම පත්වීම් ලබාදී නොමැති බවත්;
(iv) එම අධිකාරියේ වර්ෂ ගණනාවක සිට සේවය කරන ලද සේවකයන්, විශ්‍රාම ගැන්වීමට ආසන්න කාලයේදී උසස්වීම් අපේක්ෂා කරන අතර එය සාධාරණ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මේ දක්වා ඉහත පත්වීම් ලබා නොදීමට හේතු කවරේද;
(ii) ඉහත පත්වීම් ලබා දීමට බාධා තිබේද;
(iii) එම බාධා කවරේද;
(iv) එම බාධා ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නේද;
(v) ඉහත පත්වීම් ලබා දීමේ ප්‍රමාදය, රජයේ කාර්යක්ෂමතාවයට අහිතකර ලෙස බලපාන බව දන්නේද;
(vi) ඉහත සඳහන් පත්වීම් ලබා දෙන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks