E   |     |  

 පිළිතුර ලබා දී නැත 

1119/ 2025 - ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1119/2025

      ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       හමුදාගත බඳවාගැනීම් යන වර්ගීකරණය යටතේ වෘත්තීය රාජකාරි සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවලට බඳවාගෙන ඇති සංඛ්‍යාව එක් එක් හමුදාව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ඔවුන් බඳවාගෙන ඇති වෘත්තීන් කවරේද;

      (iii) එම වර්ගීකරණය යටතේ ඔවුන් බඳවාගැනීමට හේතු කවරේද;

      (iv) රාජකාරිවලට යෙදවීමේදී, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගන්නා ලද හමුදා සාමාජිකයන් සහ සෙසු හමුදා සාමාජිකයන් අතර වෙනස්කම් තිබේද;

      (v) එසේ නම්, ඒවා කවරේද;

      (vi) සෙසු හමුදා සාමාජිකයන්ට පරිදිම තනතුරු සහ උසස්වීම්, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගන්නා ලද හමුදා සාමාජිකයන්ටත් ලබා දෙන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ත්‍රිවිධ හමුදාව ප්‍රතිසංවිධානය කරන්නේ නම්, ඉහත වර්ගීකරණය යටතේ බඳවාගත් සාමාජිකයන් ඉවත් කරන්නේද;

      (ii) ඒ සම්බන්ධයෙන් ගණනය කර තිබේද;

      (iii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;

      (iv) ත්‍රිවිධ හමුදා ප්‍රතිසංවිධානය කිරීමේදී ඉවත් කරන, ඉවත් කිරීමට නියමිත සහ විශ්‍රාම ගන්වන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කර තිබේද;

      (v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks