පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1123/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සේවය අතහැර ගොස් සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන්/නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් ශ්‍රී ලංකා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව සහ භාරවී ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(iv) ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් කිරීමට ගත වන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට C-130 ගුවන් යානයක් මිලදී ගැනීමට කටයුතු කරන බව දන්නේද;
(ii) මේ වනවිට ගුවන් හමුදාව සතු C-130 ගුවන් යානා සංඛ්‍යාව කොපමණද;
(iii) එම ගුවන් යානාවල නඩත්තු කටයුතු අවසන්වරට සිදු කරන ලද කාල වකවානු කවරේද;
(iv) නව C-130 ගුවන්යානයක් මිලදී ගැනීමේ අරමුණ කවරේද;
(v) එම නව C-130 යානය පරිත්‍යාගයක්ද; නොඑසේ නම්, මිලදී ගැනීමක්ද;
(vi) එමඟින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යයන් මේ දක්වා ඉටු කර ගත් ආකාරය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-25
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks