පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1161/2025
ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් සහ මන්නාරම මහ රෝහල්වල වෛද්‍යවරුන් සඳහාවූ සීමාවාසික පුහුණුව ලබා නොදෙන බව දන්නේද;
(ii) බොහෝ මූලික රෝහල්වල වෛද්‍ය සභාවේ අනුමත විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකුට වඩා සේවය කරනු ලැබුවද, මුලතිව් සහ මන්නාරම මහ රෝහල්වල පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු නොපිරවීමට හේතු කවරේද;
(iii) ප්‍රමාණවත් සම්පත් නොමැති වීම හේතුවෙන් මූලික වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා රෝගීන් වෙනත් දිස්ත්‍රික් රෝහල් වෙත යැවීමෙන් රජයේ සෞඛ්‍ය සේවාවේ අසමත්භාවය සහ අසමානතාවය සනාථ වන බව පිළිගන්නේද;
(iv) ඉහත රෝහල් ඇතුළුව ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම දිස්ත්‍රික් රෝහල්වලට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහ භෞතික සම්පත් පැවතීම සහතික කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-07
අසන ලද්දේ
ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks