පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1175/2025
ගරු මංජුල සුගත් රත්නායක මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පිළිවෙළින් 1997, 1999, 2002 සහ 2006 වර්ෂවල ක්‍රියාත්මක කරන ලද පුනස්ථාපන, දිගාමඩුලු ජන උදාන, නාමල් උයන හා දිඝායුගම සහ ලෝක ජනාවාස දයාපුර යන නිවාස ව්‍යාපෘතිවල ඉඩම් පවරා ගෙන අදාළ ප්‍රතිලාභීන් වෙත ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;
(ii) ඒ අතරින් පුනස්ථාපන, දිගාමඩුලු ජන උදාන සහ ලෝක ජනාවාස යන නිවාස ව්‍යාපෘති සඳහා ඉඩම්ලාභීන් විසින් මුදල් එකතු කර, වට මැන, අදාළ වාර්තා අධිකාරිය වෙත යොමු කර ඇතත් මේ වනතෙක් ඉඩම් පවරා ගැනීමට අදාළ ඉල්ලීම් අම්පාර ප්‍රාදේශීය ලේකම් වෙත අමාත්‍යාංශය හරහා යොමු නොකිරීමට හේතු කවරේද;
(iii) එම ඉඩම් පවරා ගැනීමේ ඉල්ලීම අමාත්‍යාංශ ලේකම් හරහා අම්පාර ප්‍රාදේශීය ලේකම්ට යොමු කිරීමට ගත වන කාලය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත නිවාස ව්‍යාපෘතිවලට අමතරව අම්පාර දිස්ත්‍රික්කය තුළ මේ වනතෙක් ප්‍රතිලාභීන්ට ඔප්පු ලබාදී නොමැති නිවාස ව්‍යාපෘති තිබේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
(iii) එම ඔප්පු ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු මංජුල සුගත් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks