E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

1179/ 2025 - ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1179/2025

      ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)     කිළිනොච්චි දිස්ත්‍රික්කයේ —

                    (i)       තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රියාත්මක වන්නේද;

                   (ii)      තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල සංඛ්‍යාව ශ්‍රේණි අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ස්ථිර ඉඩම් හා ගොඩනැගිලි සහිත/රහිත තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) දිස්ත්‍රික්කයේ ස්ථිර ගොඩනැගිලි නොමැති උප තැපැල් කාර්යාලවලට ස්ථිර ගොඩනැගිලි ලබා දෙන කාල වකවානු කවරේද;

      (v) කිළිනොච්චි, පරන්තන්, පච්චිලෙයිප්පල්ලි සහ පුනරින් තැපැල් කාර්යාලවලට නවීන පහසුකම් සහ පරිගණක පහසුකම් තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) භාරතිපුරම්, පුන්නෙයිනීරාවී සහ පල්ලික්කුඩා ප්‍රදේශවල උප තැපැල් කාර්යාල පිහිටුවිය යුතු බව පිළිගන්නේද;

      (ii) එසේ නම්, 2016.09.05 දිනැති මාගේ ලිපිය අනුව අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරි විසින් තැපැල්පතිට යොමු කළ 2016.09.09 දිනැති අංක PPS&MR / HR / 09-182 ලිපියට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද? 

      (ඇ) නොඑසේනම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks