පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1210/2025
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොතුවිල්, අරුගම්බේ ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ මෆාසා මුස්ලිම් දේවස්ථානයට ආසන්නව ඊශ්‍රායලයට අයත් නීති විරෝධී ‘සබාත් නිවස’ නමැති ආයතනයක් ක්‍රියාත්මක වන බව දන්නේද;
(ii) එම ආයතනය කොපමණ කාලයක සිට ක්‍රියාත්මක වන්නේද;
(iii) එම ආයතනය පිහිටුවා ඇති ඉඩම ලබාදී ඇති පදනම කවරේද;
(iv) එම ආයතනයට දැඩි ආරක්ෂාවක් ලබා දීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ආකර්ෂණීය ප්‍රදේශයක් වන අරුගම්බේ ප්‍රදේශයේ ජනතාව, දේශීය හා විදේශීය සංචාරකයන්, ධීවරයන් සහ ගොවි ජනතාව බියට පත්වී සිටින බව දන්නේද;
(v) ඉහත ආයතනය ඉවත් කිරීම සඳහා කිසියම් පියවරක් ගෙන තිබේද;
(vi) එම ආයතනය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවෙන් වාර්තාවක් කැඳවා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු එම්.එස්. උදුමාලෙබ්බේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks