E   |     |  

 දිනය: 2025-09-09   පිළිතුර ලබා දී ඇත 

1234/ 2025 - ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1234/2025

      ගරු අරවින්ද සෙනරත් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       විදේශ රැකියා ලබා දෙන ආයතනවල නම් කවරේද;

                   (ii)       නීත්‍යානුකූලව ගිවිසුම් ගතවූ ආයතන පමණක් විදේශ රැකියා ලබා දෙන්නේද;

                  ‍(iii)       නීත්‍යානුකූලව ගිවිසුම් ගත නොවූ ආයතන විදේශ රැකියා ලබා දෙන්නේ නම්, එම ආයතනවල නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) විදේශ රැකියා ලබා දීමේදී, නීත්‍යානුකූල නොවන ආකාරයට රැකියා ලබාදෙන ආයතන විසින් මුදල් වංචා සිදු කරන්නේද;

      (ii) එසේ නම්, එම ආයතන විසින් වංචා කර ඇති මුදල කොපමණද;

      (iii) මුදල් අය කර එහෙත් රැකියා ලබාදී නොමැති ආයතනවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-09

අසන ලද්දේ

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks