පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1242/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඟ නැගුම ආයතනය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම ආයතනයේ ක්‍රියාත්මකව පවතින කාර්යාල සහ කර්මාන්ත අංගන කවරේද;
(iii) ක්‍රියාත්මක නොවේ නම්, වසා දමා ඇති කාර්යාල සහ කර්මාන්ත අංගන කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අනුරාධපුර, කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ මඟ නැගුම අංගනයක් පවතින බව දන්නේද;
(ii) එහි වර්තමාන තත්ත්වය කවරේද;
(iii) එය වසා දැමීමට හේතු කවරේද;
(iv) එහි පවතින යන්ත්‍රෝපකරණ සහ වාහන වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඒවායේ වර්තමාන වටිනාකම කොපමණද;
(vi) ඒවා ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට භාවිතා කිරීමට වැඩපිළිවෙළක් තිබේද;
(vii) එම මධ්‍යස්ථානය තවදුරටත් පවත්වාගෙන නොයන්නේ නම්, එය පවරා ගනු ලබන පදනම කවරේද;
(viii) එය පවරා ගනු ලබන ආයතනය කවරේද;
(ix) පවරා ගැනීම සඳහා ගත වන කාලය කොපමණද;
(x) පවරා ගනු ලබන කාල වකවානු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks