පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1251/2025
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලේඛන ගත කර ඇති වැව් සහ ගංගා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන වැව් සංඛ්‍යාව කොපමණද;
(iii) වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන, මාතර දිස්ත්‍රික්කයේ ඇති වැව්, ගංගා හා ඇළ මාර්ග සංඛ්‍යාව සහ ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, නිල්වලා ගඟ නිම්නය ආශ්‍රිතව වාරි රක්ෂිත වෙන් කර තිබේද;
(v) ඒවා වෙනත් පාර්ශ්ව විසින් අත්පත් කරගෙන ඇති බව දන්නේද;
(vi) එසේ නම්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාදුගල ග්‍රාම නිලධාරි වසමේ නිල්වලා ගඟ ව්‍යාපාරයට අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) ඒ වෙනුවෙන් වන්දිදී තිබේද;
(iii) වන්දි ගත් පුද්ගලයන් විසින් එම ඉඩම් වෙනත් පාර්ශ්වයන්ට විකුණා ඇති බව දන්නේද;
(iv) නිල්වලා ගඟ ව්‍යාපාරය ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;
(v) නොඑසේ නම්, අත්පත් කරගත් ඉඩම් නැවත මුල් අයිතිකරුවන්ට ලබා දෙන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-07
අසන ලද්දේ
ගරු අජන්ත ගම්මැද්දෙගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks