E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1252/ 2025 - ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1252/2025

      ගරු සුනිල් රත්නසිරි මහතා,— ඩිජිටල් ආර්ථික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       මේ වනවිට එම සමාගමේ සේවක පුරප්පාඩු තිබේද;

                 (iii)       2024 වර්ෂයේදී සමාගම උපයා ඇති ලාභය කොපමණද;

      (iv) එම සමාගමේ සේවාවන් ලබා ගෙන ගෙවීම පැහැර හැර ඇති මුළු වටිනාකම කොපමණද;

      (v) එම වටිනාකම අය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඩිජිටල් ආර්ථික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks