පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1270/2025
ගරු සුජීව දිසානායක මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග වර්ග තුන කවරේද;
(ii) ප්‍රධාන අපනයන භෝගයක් ලෙස පොල් භෝගය නම් කරන ලද වර්ෂය කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ ඇති පොල් ගස් සංඛ්‍යාව සහ පොල් වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න වැඩි කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පොල් ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත කවරේද;
(ii) පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාර්ෂික විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(iii) පොල් ලෙලි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන දේශීය කර්මාන්තශාලා සංඛ්‍යාව හා විදේශීය කර්මාන්තශාලා සංඛ්‍යාව, ඒවායේ ප්‍රධාන අපනයන නිෂ්පාදන සහ උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) පොල් ලෙලි කර්මාන්තය ආශ්‍රිතව ඇති ප්‍රධාන ගැටලු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-26
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks