පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1272/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ස්ථාපිත කර ඇති ශික්ෂණ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ස්ථාපනය කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) ශික්ෂණ රෝහලක් ස්ථාපනය කිරීමේ අරමුණු කවරේද;
(iv) එම රෝහලක තිබිය යුතු ප්‍රධාන පහසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සෑම ශික්ෂණ රෝහලකටම වෛද්‍ය පීඨයක් අනුබද්ධ කර තිබේද;
(ii) එම සෑම ශික්ෂණ රෝහලකම මහාචාර්ය ඒකකයක් පිහිටුවා තිබේද;
(iii) මහාචාර්ය ඒකකයක් පිහිටුවා ඇති සහ නොමැති ශික්ෂණ රෝහල් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම රෝහල්වලට අනුබද්ධ කර ඇති වෛද්‍ය පීඨ වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) කුලියාපිටිය රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමේදී, වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මහාචාර්‌ය ඒකකයක් ස්ථාපිත කිරීමට අදහස් කර තිබුණේද;
(vi) එසේ නම්, එම ඒකකය ඉදිරියේදී ස්ථාපනය කරන්නේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(viii) කුලියාපිටිය ශික්ෂණ රෝහල සඳහා වර්තමාන රජය විසින් ලබාදී ඇති පහසුකම් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-09
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks