E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1307/ 2025 - ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1307/2025

      ගරු ටී.කේ. ජයසුන්දර මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       අමු තේ දළු නිෂ්පාදනය අඩු වීම තේ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ගැටලුවක් බවත්;

                   (ii)       කාලයක් තිස්සේ තේ වගා කිරීම හේතුවෙන් තේ ඉඩම්වල පස නිසරුවීම සහ පසේ ආම්ලිකතාව වැඩි වීම, මේ සඳහා බලපා ඇති බවත්;

        (iii) උණ ශාකය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන ජෛව අඟුරු (Bio     Charcoal) භාවිතා කිරීම මඟින් තේ ඉඩම් දීර්ඝ කාලීනව සශ්‍රීක කළ හැකි බව තේ පර්යේෂණ ආයතනය සහ විශ්වවිද්‍යාල විසින් සනාථ කර ඇති බවත්;

      (iv) යොදනු ලබන පොහොර ප්‍රමාණයට සාපේක්ෂව අවශෝෂණය කර ගත හැකි පොහොර ප්‍රමාණයේ වේගවත් වර්ධනයක් ජෛව අඟුරු භාවිතා කිරීම මඟින් සිදු වන බැවින් අනවශ්‍ය ලෙස පොහොර යෙදීම පාලනය කළ හැකි බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) එසේ නම්, ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කවරේද;

      (ii) ඒ සම්බන්ධයෙන් තේ කර්මාන්තයට අදාළ ආයතන ඒකාබද්ධ කර ගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks