E   |     |  

 දිනය: 2025-10-08   පිළිතුර ලබා දී ඇත 

1314/ 2025 - ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1314/2025

      ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)     වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි වසම් 102 අතරින් ස්ථිර ‍ග්‍රාම නිලධාරි කාර්යාලයක් නොමැති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව සහ තාවකාලික ග්‍රාම නිලධාරි කාර්යාල පවත්වාගෙන යනු ලබන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  වවුනියාව දිස්ත්‍රික්කයේ ඇති ග්‍රාම නිලධාරි කාර්යාල අතරින් මේ වනවිට අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින, වැසිකිළි පහසුකම් නොමැති, ජල පහසුකම් නොමැති, විදුලි පහසුකම් නොමැති සහ මේ වනවිට විදුලිය විසන්ධි කර ඇති ග්‍රාම නිලධාරි කාර්යාල සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  ඉහත ගැටලු හේතුවෙන් අදාළ ග්‍රාම නිලධාරින්ට නිසි පරිදි සිය සේවා සැපයීමට නොහැකිවී ඇති බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-10-08

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks