E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

1321/ 2025 - ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1321/2025

      ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)       ආබාධ සහිත සිසුන් ඉගෙනුම ලබන විශේෂ පාසැල් සංඛ්‍යාව;

                   (ii)       ඒවායේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන්;

      (iii) එම විශේෂ පාසැල්වල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව;

      (iv) ඒවායේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;

      (v) ශ්‍රී ලංකාවේ ඇති වි‍ශේෂ අධ්‍යාපන ඒකක සංඛ්‍යාව;

      (vi) ඒවායේ ‍ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හා ශිෂ්‍යාවන් සංඛ්‍යාව ආබාධිතභාවය අනුව වෙන් වෙන් වශයෙන්;

      (vii) එම ඒකකවල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව;

      (viii) ඒවායේ පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) විශේෂ අධ්‍යාපන ගුරු පත්වීම් ලැබ වෙනත් විෂයයන් උගන්වන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

      (ii) එම ගුරුවරුන් විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේම සේවා නියුක්ත කරවීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

      (iii) විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පවත්වන්නේද;

      (iv) ඒවා පවත්වනු ලබන ආයතන කවරේද;

      (v) විශේෂ අධ්‍යාපනයට අදාළ පනත් යාවත්කාලීන කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

      (vi) විශේෂ අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ගනු ලබන ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිමය තීරණ කවරේද;

      යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks