E   |     |  

 දිනය: 2025-10-21   පිළිතුර ලබා දී ඇත 

1326/ 2025 - ගරු සුජීව දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1326/2025

      ගරු සුජීව දිසානායක මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු බන්ධනාගාරය කවරේද;

                  (ii)       එම බන්ධනාගාරය ආරම්භ කරන ලද අවස්ථාවේදී එහි රඳවන ලද රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

                 (iii)       මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බන්ධනාගාර සංඛ්‍යාව කොපමණද;

      (iv) ඒවා කවරේද;

       (v) එම එක් එක් බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව ස්ත්‍රී හා පුරුෂ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (vi) බන්ධනාගාරයක් තුළ එක් රැඳවියෙක් වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වයඹ පළාතේ ඇති විශාලතම බන්ධනාගාරය කවරේද;

      (ii) එහි රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව කොපමණද;

      (iii) 2025 අගෝස්තු මාසයේ එම බන්ධනාගාරයේ එක් දිනක රඳවා සිටි රැඳවියන්ගේ  සාමාන්‍ය අගය කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-21

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks