පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1404/2025
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද වර්ෂය කවරේද;
(ii) මේ වනවිට එම ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත බලාගාරය ඉදිකිරීම හේතුවෙන් වන්දි ලබා දීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ අතරින් මේ වනවිට මුළු වන්දි මුදලම ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ එම එක් එක් පුද්ගලයාට ලබා දෙන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) තවදුරටත් වන්දි ලබා දීමට ඉතිරිව සිටින පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම එක් එක් පුද්ගලයාගේ නම සහ ගෙවීමට නියමිත වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඔවුන්ට වන්දි ගෙවීම අවසන් කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-11
අසන ලද්දේ
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks