පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1427/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මගී ප්‍රවාහන බස්රථ සඳහා ලබා ගන්නා රක්ෂණ ආවරණය කවරේද;
(ii) මගී ප්‍රවාහන බස්රථ සඳහා තෙවන පාර්ශ්ව රක්ෂණ ආවරණය ප්‍රමාණවත් වන්නේද;
(iii) ඉදිරියේදී එම රක්ෂණ ආවරණය වෙනුවට වෙනත් රක්ෂණ ආවරණයක් ලබා ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල මේ වනවිට සේවය කරනු ලබන කාර්මික නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේද;
(ii) එම ඩිපෝවල කාර්මික අංශ සඳහා පුහුණුවලත් කාර්මිකයන් සිටින්නේද;
(iii) නිසි පුහුණුවකින් පසු එම ඩිපෝ සඳහා කාර්මිකයින් බඳවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(iv) කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන මඟින් ප්‍රායෝගික පුහුණුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වෙත යොමු කරනු ලබන අභ්‍යාසලාභීන්, පුහුණු කාලයෙන් පසු ස්ථිර පදනම මත බඳවා ගැනීමට වැඩපිළිවෙළක් තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-23
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks