පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1474/2025
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරනු ලබන මුළු සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝහලේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත රෝහලේ ප්‍රමිතිගත තත්ත්ව පාලන ඖෂධ ගබඩාවක් නොමැති බව දන්නේද;
(ii) එසේ නම්, ප්‍රමිතිගත තත්ත්ව පාලන ඖෂධ ගබඩාවක් පිහිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) එම රෝහලෙන් දෛනිකව සහ මාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම රෝහල සඳහා ප්‍රධාන සැලැස්මක් (Master plan) සකස් කර ඇති බව දන්නේද;
(v) ඒ අනුව, රෝහලේ උපරිම කාර්යක්ෂමතාවයේදී සේවා ලබා දිය හැකි රෝගීන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-14
අසන ලද්දේ
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks