E   |     |  

 දිනය: 2012-11-24   පිළිතුර ලබා දී ඇත 

2832/ 2012 - ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2832/’12

       

      ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාවේ ප්‍රතිශතය කවරේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)       2007 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා තිබේද;

      (ii) ශ්‍රී ලංකා රජය විසින් එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් වලංගු කර ති‍බේද;

      (iii) නොඑසේ නම්, එම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් වලංගු නොකිරීමට හේතු කවරේද;

      (iv) 2006 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද “ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත” පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට හේතු කවරේද;

      (v) එම සම්මුතිය බලාත්මක කිරීම සඳහා දේශීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති නීතිය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

       (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-24

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය : බලාත්මක කිරීම

පිළිතුරු දුන් දිනය

2012-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks