පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2864/’12
ගරු එම්. ටී. හසන් අලි මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ මහ නගර සභාවේ විශ්‍රාමික සහකාර වැද්දුම්කරු ඒ. එච්. එම්. මහ්රුෆ් මහතාගේ පැමිණිල්ලකට අදාලව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කොළඹ මහ නගර සභාවට නිකුත් කළ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව පළාත් පාලන කොමසාරිස් (බ.ප.) විසින් අංක LGD/09/01/10 හා 2012.02.29 දිනැති ලිපිය මගින් නාගරික කොමසාරිස් වෙතින් විමසා ඇති බවත්;
(ii) 2012.05.14 දින සහ 2012.05.31 දිනැති ලිපි මගින් තවදුරටත් ඒ පිළිබඳව සිහි කැඳවීම් කොට තිබෙන බවත්;
(iii) රා. ප. චක්‍රලේඛ අංක 17/2005 ට පටහැනිව ක්‍රියා කරන කොළඹ මහ නගරසභාවේ නිලධාරීන් ඉහත අ(i) හි සඳහන් නිර්දේශය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මහ්රූෆ් මහතාට නිර්දේශිත සහන ලබා දීම ප්‍රමාද කිරීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks