E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

2876/ 2013 - ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2876/’12

      ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු භටයින්හට ලබාදෙන වැටුප් සහ දීමනා කවරේද;

                   (ii)       ඔවුන්ගේ වැටුපෙන් මාසිකව සිදුකරන  අයකිරීම් කවරේද;

      (iii) එම අයකිරීම් අරමුදලක් වෙත බැර කරන්නේද;

      (iv) එසේ නම්, එකී අරමුදල ගිණුම්ගත කර ඇති ආයතනය කවරේද;

      (v) එවැනි අයකිරීම් සිදුකිරීමට හේතු කවරේද;

      (vi) ආපසු ඔවුන් වෙත ලබාදෙන අයකිරීම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සිවිල් ආරක්ෂක භටයින්ගේ වැටුප් නියමිත දිනයේ දී ගෙවා තිබේද;

      (ii) එසේ නොමැති නම්, ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද;

      (iii) එම හිඟ වැටුප් ගෙවනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) සිවිල් ආරක්ෂක භටයින් යොදා ගනිමින් වර්තමානයේ සිදුකරන ක්‍රියාකාරකම් කවරේද;

      (ii) වගා කටයුතු සහ අනෙකුත් කර්මාන්ත සඳහා ඔවුන් යොදාගෙන තිබේද;

      (iii) ඒ සඳහා ඔවුන්ට ලබාදෙන පහසුකම් කවරේද;

      (iv) එම ක්‍රියාකාරකම් තුළින් වාර්ෂිකව ඔවුන් උපයාදෙන මුදල කොපමණද;

      (v) එම මුදල් යොදා ගන්නා කටයුතු කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිවිල් ආරක්ෂක භටයින්: වැටුප් හා දීමනා

පිළිතුරු දුන් දිනය

2013-09-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks