බලන්න

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

2942/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2942/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් අයවැය මගින් වෙන් කරන ලද මුදල් ප්‍රමාණයන් කවරේද;

                   (ii)      සමෘද්ධිලාභී ගෘහස්ථයක් වෙත ගෙවනු ලැබූ මුදල කොපමණද;

      (iii) සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට දැරූ තථ්‍ය වියදම කොපමණද;

      (iv) ඉහත සඳහන් තථ්‍ය වියදම් සිදුකරන ලද්දේ කවර වැය ශීර්ෂයන් යටතේද;

      (v) සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් වැය කරන ලද මුදල සහ එම මුදල පවරනු ලැබූ ශීර්ෂයන් මාසික පදනමින් කවරේද;

      (vi) සමෘද්ධි දීමනාව වෙනුවෙන් වෙන් කරන ලද මුදල් පැවරූ අයවැය ශීර්ෂයන් කවරේද;

      යන්න 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අය වැය ප්‍රතිපාදන : සමෘද්ධි ප්‍රතිලාභීන්

පිළිතුරු දුන් දිනය

2013-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks